2021 වර්ෂය සදහා තුවක්කු බලපත්‍ර අළුත් කිරීමේ කාලය දීර්ඝ කිරීම
2021 වර්ෂය වෙනුවෙන් ගිනිඅවි බලපත්‍ර අලුත් කර ගැනීම සදහා ලබා දී තිබු කාලය 2020.12.31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණද රටේ උද්ගතවී ඇති කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් කිසිදු දඩ මුදලක් අය කිරීමකින් තොරව ගිනි අවි බලපත්‍ර අලුත් කර ගැනීම සදහා බලපත්‍රලාභීන්ට 2021.02.28 දින දක්වා ලබාදුන් සහන කාලය 2021.05.31 දින දක්වා දීර්ඝ කරන අතර ඒ අනුව කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
ප්‍රතිලාභීන් රැකියා ගත කිරීමේ වැඩසටහන - රැකියා කේන්ද්‍රය (2021/02/10)
73 වන ජාතික නිදහස් දිනය , 2021-02-04
73 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිදහස් දින සැමරුම් උත්සවය, පැළ සිටුවීමේ වැඩසටහන , ශ්‍රමදානය හා සමගාමිව රතු කුරුස සංගම් ශාලවේදී ලේ දන් දීමේ වැඩසටහනක්ද කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ රාජ්‍ය ආයතනයන්හී නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර රාගම සුගතානන්ද හිමි වැඩ වසන මානපහ කුඹුක්වැව ශ්‍රි බොධිමලු විහාරස්ථානයේ ඹෟෂධ හා පළතුරු උයනක් පිහිටුවීමේ වැඩසටහනද කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඒ.කිත්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ රාජ්‍ය ආයතනයන්හී නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
තුවක්කු ආඥා පනතේ 05(1) හා 23(3) වගන්තිවල විධිවිධාන ප්‍රකාර 2021 වසර සඳහා තුවක්කු බලපත්‍ර අළුත් කිරීම, 07-12-2020
2021 වර්ෂය වෙනුවෙන් ගිනිඅවි බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ලබා දී තිබු කාලය 2020.02.28 දින දක්වා දීර්ඝ කර ඇත. ඒ අනුව කිසිදු දඩ මුදලක් අය කිරීමකින් තොරව ගිනිඅවි බලපත්‍රලාභින්ට ගිනිඅවි බලපත්‍ර අලුත් කර ගැනීමට හැකි බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් නිවෙදනය කර සිටී.
ගිනිඅවි බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ඉදිරිපත් කල යුතු වෛද්‍ය සහතිකය (H - ආකෘතිය) රජයේ සහ වෛද්‍ය ආඥා පනත යටතේ ලියාපදිංචි වී ඇති ඕනෑම වෛද්‍යවරයකුගෙන් ලබා ගැනීම ප්‍රමාණවත් බවද දන්වා සිටී.
කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය සීමා කිරීම සඳහාවන කාර්ය සාධක බලකාය, 2020-03-20
කොවිඩ් - 19 නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය සීමා කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 2020.03.20 වන දින සිට කටයුතු ආරම්භ කරන ලදි. මෙහිදී මුලින්ම කුරුණෑගල දිස්ත්‍රික්කය තුල මෙම වෛරසය ව්‍යාප්තිය සිදු වීමට බලපා ඇති ප්‍රධාන හේතුව වන විදේශ ගතව සිට පැමිණි පිරිස පිළිබඳ තොරතුරු එක් රැස් කරන ලදි.
එසේම කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුල සියලු අවශ්‍ය නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ආර්.එම්.ආර්. රත්නායක මහතාගේ උපදෙස් පරිදි සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටී.