Policy

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම සේවා සපයන්නා ලෙස ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාෙස 30 ක ග්‍රාම නිලධාරී වසම් සියල්ල සම්බන්ධීකරණය කරමින්, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව කටයුතු කිරීම, සේවා අධීක්ෂණය, ඇගයීම හා නිරන්තර වැඩිදියුණු කිරීම තුළින් දිස්ත්‍රික්කයේ පුරවැසියන්ට මිත්‍රශීලී විශිෂ්ට හා ගුණාත්මක සේවාවක් ලබාදීම උපාය මාර්ගික සැළසුම්කරණය තුළින් භෞතික, මානව හා මුල්‍ය සම්පත් නිසි කළමනාකරණ සේවාවන්හි සඵලදායිතාව ඉහළ නැංවීමෙන් පුරවැසි අවශ්‍යතා උපරිමව තෘප්තිමත් වන අයුරින් විශිෂ්ට රාජ්‍ය සෙවාවක් ඉටුකිරීම අපගේ ප්‍රතිපත්තියයි

Aims

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් නියම කරන ලද ආපදා අවම කිරීමේ වැඩ සටහන් නියමිත දිනට අවසන් කිරීම
  ආපදාවකට මුහුණු දීම සදහා ප්‍රජාව දැනුවත් කිරීම
    පුහුණු කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ලබා දී ඇති ඉලක්කයට නිම කිරීම
    ආපදාවක් සිදුවූ වහාම ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා කමිටු පිහිටුවීම හා පෙර සුදානම් සැළසුම් සකස් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථායෙන් ලබාදී ඇති ඉලක්කයට නිම කිරීම