අපගේ දැක්ම
"පුරවැසි තෘප්තිය සඳහා වූ විශිෂ්ට රාජ්‍ය සේවාවක්" සහ තිරසාර සංවර්ධනය
අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව සැලසුම් සහගතව සම්පත් හා ආයතන ඵලදායී ලෙස කළමනාකරණය කරමින් පුරවැසි අවශ්‍යතා තෘප්තිමත් කරන තිරසාර සංවර්ධනයක් ඇති කිරීම අපගේ මෙහෙවරයි."
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තත්ත්ව ප්‍රතිපත්තිය
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව මානව, භෞතික මුල්‍ය සම්පත් ඵලදායිවත්, කාර්යක්ෂමවත් යොදා ගනිමින් අපගේ පුරවැසි ප්රඥප්තියට අනුකූලව එකිනෙකාගේ තත්ව පරිපාටි පිළිබදව මනා අවබෝධයෙන් යුතුව, ක්‍රියාකාරී සහභාගිත්වයෙන් දිස්ත්‍රික්කයේ පුරවැසියන් හට තෘප්තිමත් හා විශිෂ්ටවුත් ගුණාත්මක සේවාවක් නිරන්තර වැඩි දියුණු කරමින් අඛණ්ඩව ලබාදීම අපගේ තත්ව ප්රතිපත්තියයි.
පිහිටීම
කුරුණෑගල දිස්ත්‍රික්කය සාපේක්ෂ වශයෙන් ගත්කල උතුරින් අනුරාධපුර, නැගෙනහිරින් මාතලේ, මහනුවර දකුණින් ගම්පහ හා කෑගල්ල සහ බස්නාහිරින් පුත්තම යන දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා ඇත. දිස්ත්‍රික්කයේ නිරපේක්ෂ පිහිටීම උතුරු ඛණ්ඩාංක 228 – 333 හා නැගෙනහිර ඛණ්ඩාංක 104 – 178 ත් අතර වේ. (අක්ෂාංශ පිහිටීම අනුව උතුරු අක්ෂාංශ 7° - 16° ත් 8°- 12° නැගෙනහිර දේශාංශ 79°- 55° ත් 80° -35° ත් අතර වේ.)
පරිපාලන ව්‍යුහය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 30
ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 1,610
ගම්මාන සංඛ්‍යාව 4,476
ජන්ද කොට්ඨාස සංඛ්‍යාව 14
දිස්ත්‍රික්කයේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 4900.62 කි. එනම් හෙක්ටයාර 490062.5 කි. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 30 කින් සමන්විත වේ. ඊට ග්‍රාම නිළධාරි කොට්ඨාශ 1610 ක් අයත් වේ. එමෙන්ම දිස්ත්‍රික්කයේ මුළු ගම්මාන සංඛ්‍යාව 4432 කි. 2016 ඇස්තමේන්තු ජන සංඛ්‍යාව 1,676,000 කි. මුළු පවුල් ගණන 443349 කි. මුළු ජන සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ගත් කල දිස්ත්‍රික්කයේ මුළු ශ්‍රම බලකාය 59.1% කි. සේවා නියුක්තිය මුළු ශ්‍රම බලකායෙන් 97.0% කි. සේවා වියුක්තිය 3.0% කි. දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 342 කි. මෑත කාලයේ සිදු වූ සංවර්ධනයට අනුව ජන ඝනත්වය කුරුණෑගල නගරය අවට සංකේන්ද්‍රණය වී ඇත. දිස්ත්‍රික්කයේ මිනිස් භූමි අනුපාතය අනුව එක් පුද්ගලයකුට හෙක්ටයාර් 0.3 කි. 2016 නාගරික ජන සංඛ්‍යාව 31421 කි. ග්‍රාමීය ජන සංඛ්‍යාව 1636743 කි. වතු ආශ්‍රිතව ජනගහනය 7836 ක් වේ.
ජල වහනය
ප්‍රධාන ගංගා ද්‍රෝණි 4 ක් මගින් සිදු වේ. ඒවා නම්
උතුරින් කලා ඔය ද්‍රෝණිය
මධයම ප්‍රදේශය මී ඔය හා
දැදුරු ඔය ද්‍රෝණිය
දකුණු ප්‍රදේශය මා ඔය ද්‍රෝණිය
යනාදියයි. මෙම ජල වහන ද්‍රෝණිය තුළ දැදුරු ඔය ජලාශය, රාජාංගනය, උස්ගල සියඹලන්ගමුව, හක්වටුනාඔය, කිඹුල්වානඔය, බතලගොඩ, මාගල්ල, පාලුකඩවල, අතරගල්ල, මැඩියාව, කන්නෝරුව, අබකොළවැව ඇතුළු මහා පරිමාණ හා සුළු පරිමාණ වාරිමාර්ග ක්‍රම රාශියකි.
![]() |
![]() |
![]() |
||
දැදුරු ඔය | රාජාංගනය | හක්වටුනාඔය |
පාංශු ව්‍යාප්තිය.
ප්‍රධාන පස් වර්ග 13 කි. ප්‍රධාන ඛනිජ සම්පත වනුයේ මිනිරන්, ඇපටයිටඩ්, හුණුගල් හා සාමාන්‍ය වැලි යනාදියයි.
මිනිරන් - දොඩම්ගස්ලන්ද, කහටගහ, කොලොන්ගහයාය, මඩහපොලකන්ද, කටුමුළුව, කටුපොත, බමුණුකොටුව, කිවුල්ගල්ල, මහයාය, එලිබිච්චිය
තලාතු මිනිරන් - නෑටිය, කොරොස්ස, මකුල් පොත, ඉදුල්ගොඩ
ඇපටයිට් - කවිසිගමුව, අඹකොටේ
හුණුගල් - ගල්ගමුව, වාරියපොල, මහව, පොතානේගම
ඓතිහාසික පසුබිම
![]() |
ශෛලමය ද්වාරය, ආණ්ඩුකාර |
කාර්යාල පරිශ්‍රය |
ඵෙතිහාසික පසුබිම ගැන කථා කරන විට කුරුණෑගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ අන් දිස්ත්‍රික්ක වලට වඩා වැඩි සුවිශේෂතාවයක් ගනී. එනම් රාජධානි හතරක් පැවති ලංකාවේ එකම දිස්ත්‍රික්කය ලෙස අභිමානයක් කුරුණෑගල දිස්ත්‍රික්කයට හිමිව තිබීමයි. ශ්‍රී ලංකවේ රාජධානීන් නිරිත දිගට සංක්‍රමණය වීමේ දී එවකට තිබූ වඩාත් සුරක්ෂිතම ප්‍රදේශය කුරුණෑගල වූ බවට එය සාක්ෂියක් වේ. පඩුවස්නුවර, දඹදෙණිය, යාපව්ව හා කුරුණෑගල එම රාජධානින්ය. මෙම රාජධානි යුගවලදී ශ්‍රී ලංකවේ කීර්තිමත් රජවරු රැසක් ම සිටි බවට සාක්ෂි ඕනෑතරම් හමු වේ.
පඬුවස්නුවර රාජධානිය -ක්‍රි.ව 1153-1070
දඹදෙණි රාජධානි -ක්‍රි.ව 1232-1236
යාපහුව රාජධානිය -ක්‍රි.ව 1273
කුරුණෑගල රාජධානිය -ක්‍රි.ව 1291-1346
පඬුවස්නුවර රාජධානිය
![]() |
![]() |
|
බොධිඝරයක නටඹුන් | බෞද්ධ පංචායතනයක නටඹුන් | |
වාරියපොල නගරයේ සිට සැතපුම් 12 ක් පමණ දුරින් පිහිටි කොටම්පිටිය ප්‍රදේශය ආශ්‍රිතව මෙම පැරණි නගරයෙහි අවශේෂ දැකගත හැක. පළමුවන පරාක්‍රමබාහු රජු විසින් දක්ඛිණ දේශයේ ඉදිකල අගනුවර වන පරාක්‍රමපුරය, මෙම ස්ථානය ලෙස හඳුනාගෙන තිබෙන අතර වර්ථමානයේ එය පඬුවස්නුවර ලෙස ව්‍යවහාර කෙරේ. තම මාමා වූ කීර්ති ශ්‍රී මේඝ රජුගේ අනුප්‍රාප්තිකයා ලෙසින් දක්ඛිණදේශයේ පාලකයා බවට පත්වූ පරාක්‍රමබාහු රජු වර්ෂ 1153දී මුළු දිවයිනෙහිම පාලනය හිමිකරගත් අතර සිය අගනගරය පරාක්‍රමපුරය සිට පොළොන්නරුව (චූල වංශයෙහි සඳහන් පරිදි පුලත්ති නගර) වෙත ගෙනගිය බැව් සඳහන් වේ.
පරාක්‍රමබාහු රජු පොළොන්නරුවේ ගොඩ නැගූ රජගෙදර දැනට ඉතුරු වී ඇති කොටස් හා සමග මෙහි පෙනෙන ශේෂයන් සසඳා බැලුවහොත් මේ මැදුරු දෙකම සමාන බෙදුමකින් හා සමකාලීන ගෘහ නිර්මාණ ශිල්පය අනුව කරන ලද බව අවබෝධ වේ. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු (ක්‍රි.ව. 1187-1196) වරක් මෙම මාළිගයට සම්ප්‍රාප්ත වූ බව රජමාළිගයේ පිහිටි ගල් ආසන ලිපියේ සඳහන් කර ඇත.
එහෙත් පඩුවස්නුවර මාළිගය පොළොන්නරුවේ මාළිගය තරම් විශාල නොවීය. එබැවින් පඩුවස්නුවර මාළිගාව පරාක්‍රමබාහු කුමරුන්ගේ සමයට අයත් බැව් නිගමනය කළ හැකිය. මේ කරුණු අනුව සලකන විට පරාක්‍රමබාහු කුමරා ක්‍රි.ව 1153 දී ලක්දිව අසහාය නායකයා වී පොළොන්නරුවේ ස්වකීය අගනුවර පිහිටුවා ගැනීමට කටයුතු කරන ලදි. ඊට ප්‍රථම මායා රට ආණ්ඩු කරන සමයෙහි ඔහු විසින් තනන ලද පරාක්රමපුරයෙහි නටඹුන් මෙය බැව් නිශ්චය වශයෙන් අවබෝධ කරගත හැක.