- Divisional Secretariats
Weerambugedara Divisional Secretariat
Measures to manage civilian life during the Covid-19 epidemic
ප්‍රතිලාභ ලබා දීම
සමෘද්ධි සහනාධාරය ලබාදීම
රු 5000 දීමණාව ලබාදීම මේවන විට පුද්ගලයන් 442 වීම. (රු.22 10 000) වසම්බාර සමෘද්ධි සංවර්ධන නිලධාරී අදාල ප්‍රතිලාභියාගේ නිවසටම ගොස් ලබා දීම.
ආබාධිත - වැඩිහිටි දීමනා - පිළිකා ආධාර - මහජන ආධාර - වකුගඩු ආධාර - තැලසීමියා ආධාර - ලාදුරු ආධාර - ක්ෂය රෝග ආධාර
යන වැඩසටහන් වලින් ආධාර ලබන පුද්ගලයන්ගේ මුදල් ග්‍රාමනිලධාරී මගින් නිවසට ගොස් බාර දීමට කටයුතු කිරීම.
ඖෂධ බෙදා හැරීම
ගෝනව රෝහලෙන් සායනිකව මාසික බෙහෙත් ලබාගන්නා රෝගීන් සදහා රෝග විනිශ්චය කාඩ් පතට අදාලව මාසික බෙහෙත් පැකට්ටුව සකස් කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දුන් අතර එය වසම්බාර සංවර්ධන නිලධාරීන් හරහා වසම් මට්ටමින් රෝගියාගේ නිවසට ගොස් රෝගීන් අතටම බාර දීම.
උහුමීය සායන මධ්‍යස්ථානයෙන් බෙහෙත් ලබාගන්නා රෝගීන්ට අදාල තොරතුරු වසම්බාරව කටයුතු කරන සංවර්ධන නිලධාරීන් මාර්ගයෙන් ලබාගෙන උහුමීය සායන මධ්‍යස්ථානයට යොමුකළ අතර පසුව අදාල බෙහෙත් පැකට්ටු සකස් කර තැපැල් මාර්ගයෙන් රෝගීන් අතට පත් කිරීම.
කුරුණෑගල මහ රෝහල් ඇතුලු අනිකුත් සායන මධ්‍යස්ථාන වලින් බෙහෙත් ලබාගන්නා රෝගීන් පිළිබද තොරතුරු වසම් මට්ටමින් රැස් කිරීම හා එම රෝහල් මගින් බෙහෙත් ලබාගන්නා ආකරය පිළිබදව තොරතුරු හා දුරකතන අංක ලබා දෙමින් එම රෝගීන් දැනුවත් කිරීම.
ජලය බෙදා දීම
කාර්යාලයේ ආපදා ජල බවුසරය යොදගෙන වසම් 13 ක පවුල් 419 කට ජලය බෙදා දීම (මාර්තු මස ජල ලීටර් 103500 ද අප්‍රේල් මස ජල ලීටර් 49500 ක් ද බෙදා දී ඇත).
පොල්ගහවෙල ප්‍රාදේශිය සභාවෙන්ද ජල බවුසර් යොදා ගනිමින් කොට්ඨාශය තුල ජලය බෙදා දීම.
උහුමීය වසමේ ඉදිකර ඇති ආපදා ළිදෙන් සහ කොට්ඨාශයේ හඳුනාගත් පිරිසිදු ජලය ලබාගන්නා ළිං කිහිපයකින් ජනතාවට පානීය ජලය සැපයීම.
වියලි ආහාර කළමනාකරණය
ලංකා සතොස ආයතනය පිදුරුවැල්ල, විවිධ සේවා සමූපකාර සමිතිය, පිදුරුවැල්ල ජයතුංග ස්ටොර්ස් හා පිදුරුවැල්ල ඉසුරුසිරි වෙළද සැළ ආශ්‍රයෙන් තොග අවශ්‍යතාවය ලබා ගැනීම හා පවතින ආහාර ද්‍රව්‍ය වල තොග අවශ්‍යතාවය සතියට දෙවතාවක් තොරතුරු ලබාගෙන අදාල තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යොමු කිරීම.
රෝග ව්‍යාප්තිය පාලනය
රෝග ව්‍යාප්තිය පාලනය කරගන්නා ආකරය පිළිබදව හා පිළිපැදිය යුතු කරුණු පිළිබදව අත් පත්‍රිකාවක් බෙදා දීම.
ඇඳිරි නීතිය ඉවත් කළ කාල සීමාවන් තුල ජනතාව ඒකරාශීවන ප්‍රධාන නගරයන් ආවරණය වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාව දැනුවත් කිරීම.
වසම් මට්ටමින් සේවය කරන නිළධාරීන් සිව්දෙනා සඳහා අත් ආවරණ, මුඛ ආවරණ හා විෂබීජනාශක දියරයන් ලබාදීමට කටයුතු කිරීම.
ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය ලබාදුන් උපදෙස් පිරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය දිනපතා විෂබීජ හරණයට ලක් කිරීම.
වීරඹුගෙදර කාර්යාල පරිශ්‍රය තුලට ඇතුල්වන නිලධාරීන්ගේ දෑත් පිරිසිදු කර ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සැලසීම.
කාර්යාල අවශ්‍යතාවයන් සදහා පැමිණෙන මහජනතාව කාර්යාල පරිශ්‍රයට පැමිණීම අවම කිරීම.
පුද්ගලික ආයතන මගින් ලබාදෙන ලද මුඛ ආවරණ අදාල නිළධාරීන් සඳහා බෙදා දීමට කටයුතු කිරීම.
ගෝනව ග්‍රාමිය රෝහලේ කාර්ය මණ්ඩලය සදහා ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබාදීම.
එළවළු බෙදා හැරීම
කොට්ඨාශයේ එළවළු බෙදා හැරීම සදහා ජංගම එළවළු අළෙව් කරන රථ 44 සඳහා බලපත්‍ර ලබාදී කොට්ඨාශය හා පිටත ආවරණය වන ලෙස යොමු කිරීම.
වෙළදුන් මාර්ගයෙන් වියලි සලාක බෙදාහැරීම
කොට්ඨාශය ආවරණයවන පරිදි වියලි ආහාර අලෙවිකරන ජංගම රථ 20 සදහා බලපත්‍ර ලබාදීම.
බීජ හා එළවළු පැළ ලබාදීම
පළමු අධියර වශයෙන් මෑ කරල්, දඹළ, බංඩක්කා බීජ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් හරහා වසම් 38 සදහා බෙදා අවසන් කිරීම.
මාළු මිරිස් හා වම්බටු කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් හා ගොවි සංවිධාන මැදිහත්ව තවාන් දමා පැල බෙදා හැරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.
විශ්‍රාම වැටුප් ගෙවිම
විශ්‍රාම වැටුප් ලබාදෙන බැංකු සඳහා අදාල චෙක්පත් බැංකුගත කිරීම.
මාළු මිරිස් හා වම්බටු කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් හා ගොවි සංවිධාන මැදිහත්ව තවාන් දමා පැල බෙදා හැරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.
තැපැල් කාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාමිකයන් සඳහා ග්‍රාමනිලධාරීන් මගින් විශ්‍රාමිකයාගේ අතටම මුදල් ලබාදීම.
බැංකු මගින් විශ්‍රාම වැටුප් ලබාගන්නා විශ්‍රාමිකයන් අදාල බැංකු දක්වා ප්‍රවාහනයට යුධහමුදාව මගින් ලබාදී දුන් බස් රථ සඳහා ග්‍රාම නිලධාරී සම්බන්ධීකරණයෙන් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම.
වෙළඳ බලපත්‍රය නිකුත් කිරීම
කොට්ඨාශය ඇතුලත ජංගම වෙළදාම් කිරීම සඳහා හා කොට්ඨාශයෙන් පිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහණය සඳහා බලපත්‍ර 173 නිකුත් කිරීම.
පුණ්‍ය ආයතන සඳහා විහාරස්ථාන ආධාර ලබාදීම
විහාරස්ථාන මාර්ගයෙන් අවශ්‍යතා හඳුනා ගැනීම හා ඊට අදාල පිළියම් යෙදීම සඳහා විහාරස්ථාන 04 ක් පිළිබඳ තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යොමුකර ඇත.
ව්‍යාපාරික භවතුන්ගෙන් අධාර ලබාගැනීම
කොට්ඨාශය තුල සිටින ව්‍යාපාරිකයින්ගෙන් ආධාර ලබාගෙන වසම් මට්ටමින් නිරෝධායනය වන පවුල් සදහා වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු සලාක මල්ලක් ලබාදීමට කටයුතු කිරීම හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබෙන අතිශය මානූශීය සහ සාමාජීය ගැටළු විමර්ශනය කර බලා ඔවුන්ට ද්‍රව්‍යමය ආධාර මල්ලක් ලබා දීම.
බේකරි නිශ්පාදන හා කෙටි ආහාර
බේකරි නිෂ්පාදන හා කෙටි ආහාර අළෙවිකරණ ජංගම රථ 04 ක් සඳහා වෙළඳ බලපත්‍ර ලබාදීම හා ඒවා කොට්ඨාශය ආවරණය වන පරිදි වෙළදාම් කිරීමට යෙදවීම.
ආධ්‍යාත්මික වැඩසටහන් හා පිරිත් දේශනා
වසම් මට්ටමින් විහාරස්ථාන ආශ්‍රිතව ජනතා සහභාගීත්වයෙන් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් පිරිත් දේශනා සිදු කිරීම.
විදේශ රටවලින් පැමිණි හා ඔවුන් හා සම්බන්ධ අය හදුනා ගැනීමේ වැඩ පිළිවෙල
මෙම කොට්ඨාශයේ විදේශගතව පැමිණි අයවලුන් ග්‍රාම නිලධාරී මගින් හදුනා ගැනීම හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාර්ගයෙන් නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරීම හා පසු විපරම් කටයුතු කිරීම
ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
විදේශගතව පැමිණි මෙම කොට්ඨාශය තුල පැමිණ සිටින නිරෝධායනයට ලක්ව සිටින අයවලුන් පිළිබදව කටයුතු කිරීම.
කොට්ඨාශයේ රාජ්‍ය ආයතන වල නිලධාරීන් හා මහජනතාව මෙම රෝගයෙන් වැලකෙන ආකාරය පිළිබදව නිරන්තරව දැනුවත් කිරීම හා පිළිපැදිය යුතු යහ පුරුදු සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දීම.
පොලීසිය
නිරෝධායනයට ලක්විය යුතු අයවලුන් සම්බන්ධ කටයුතු වලදී අදාල සහයෝගය ලබා දීම.
ජනතාවගේ සංසරණය සීමා කිරීම සඳහා පනවා ඇති පොලිස් ඇදිරි නීතිය කොට්ඨාශය තුල බලාත්මකව ක්‍රියාත්මක කිරීම.
ඇඳිරි නීතිය ලිහිල් කල අවස්ථා වලදී වෙළද පොළට පැමිණෙන මහජනතාවට මීටරයක පරතරයකින් යුක්තව තම අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා අවශ්‍ය පසුබිම සකස් කිරීම හා අවශ්‍ය උපදෙස් ලබාදීම.
කොට්ඨාශයේ නීතිය හා සාමය පවත්වා ගැනීමට මැදිහත් වීම.
කොරෝනා මර්ධන ප්‍රජා කමිටු රැස්වීම
ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, පොලිස් ස්ථානාධිපති, ගෝනව රෝහලෙ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී, ආපදා සහන නිලධාරී, ප්‍රාදේශීය සභාව ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලය සෑම බදාදා දිනකම රැස්වීම.
ග්‍රාමීය කමිටුව
වසම් මට්ටමේ සේවය කරන ග්‍රාමනිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී සහ අදාල බල ප්‍රදේශයේ පලාත්පාලන ආයතනය නියෝජනය කරන දේශපාලන නියෝජිතයාගෙන් සමන්විත කමිටුව අවශ්‍ය අවස්ථාවල රැස්වීම.
වසම් මට්ටමේ නිලධාරීන් හතරදෙනා පවුල් බෙදාගත් ආකාරය
වසමට අයත් පවුල් ප්‍රමාණය අධීක්ෂණය පහසු කිරීම සදහා වසමේ පවුල් සංඛ්‍යාව කොටස් හතරකට බෙදාගෙන අදාල සම්බන්ධීකරණ කටයුතු කිරීම.
කොට්ඨාශයේ එකොළොස්දහසක් වන පවුල් තොරතුරු පද්ධතියක් සකස් කිරීම.
ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වීරඹුගෙදර මගින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පවුල්වලට අදාලව නම, ලිපිනය, සාමාජික සංඛ්‍යාව, දුරකථන අංකය, යන තොරතුරු ග්‍රාමනිලධාරී මගින් ලබාගෙන දත්ත පද්ධතියක් පවත්වා ගැනිම සහ කාල සීමාව තුල දින වෙන් කර ගනිමින් වසම්බාර නිලධාරීන් දැනුවත් කිරිම.
මේ වන විට දුරකථන හරහා වීරඹුගෙදර ප්‍රා දේශීය ලේකම් කාර්යාලයට ජනාධිපති කාර්යසාධන බලකාය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කොට්ටාශයේ රාජ්‍ය ආයතන, වසම්බාර නිලධාරීන් සහ ඝෘජුවම මහජනතාව හරහා ලැබෙන ගැටළු ලේඛනගත කර අදාල වසම්භාර නිලධාරීන් මඟින් විසදීමේ ක්‍රමවේදයක් සැකසීම.
නිලධාරීන්ගේ මානුශීය හා චික්ත ශක්තිය වර්ධනය සදහා වැඩසටහන් සංවිධානය කිරීම.
කොට්ඨාශයේ පිහිටා ඇති සමෘද්ධි කළාප කාර්යාල විෂබීජහරණයට ලක්කිරීම.
ප්‍රාදේශීය ලෙක්ම් කාර්යාලය, පොලීසිය, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා ප්‍රාදේශීය සභාව එක පවුලක සාමාජිකයන් ලෙස එකමුතුව කටයුතු කිරීම.
ආයුර්වේද දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණය කර ගනිමින් නිලධාරීන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම සදහා ඔසුපැන් සකස්කර ගැනීමේ ඖෂධ බෙදා හැරීම හා දුමායනය කිරීමේ ද්‍රව්‍ය බෙදා හැරීම
Udubaddawa Divisional Secretariat
New Updated Programmes Up to 13.04.2020
Packaging 150 parcel for donation innocent people in grama niladahari wasam in Udubaddawa Division with contribution of "Singha Samajaya" and the Divisional Secretariat
Operation of purchasing Paddy cultivation in center of Athungahakotuwa.
Packaging vegetable Seed for distribution, by Samurdhi Division.
Packaging amount of money in "Mahajanadara" ,"Disable Allowance" for distribution to their home via a Grama niladhari by Social Welfare Division.
News paper advertisement of distribution of elders' allowance.
Rasnayakepura Divisional Secretariat
New Updated Programmes
රස්නායකපුර සමෘද්ධි සංවර්ධන අංශය මඟින් කොට්ඨාසයේ සමෘද්ධි ලාභීන් හා අඩු ආදායම්ලාභී පවුල් 560ක් වෙත, සමෘද්ධි සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන යටතේ එළවළු බීජ පැකට් සකස්කර නිකුත් කරන ලදී. එහිදී බෙදා දෙන ලද මුළු බීජ ප්‍රමාණය මෑ බීජ ග්‍රෑම් 853, බණ්ඩක්කා ග්‍රෑම් 570, නිවිති ග්‍රෑම් 358, මිරිස් ග්‍රෑම් 71 වශයෙන් විය.
රඹෑව, කණගුල්ලෑව, උණාගොල්ල, රස්නායකපුර, ලීකොලපිටිය, අඹාලේ යන වසම්වල අඩු ආදායම් ලබී පවුල් සඳහා පෞද්ගලික දාන පරිත්‍යාගිශීලියකු විසින් කරන ලද වියලි සලාක පරිත්‍යාගයකි.
උඩුනෝව වසමේ උඩුනෝව මහ වැව ආපදාවට ලක්ව කැඩීගොස් ඇති බැවින් මෙවරද ගොවිතැන් කටයුතු කර ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව ඇති ගොවි පවුල් කීපයක් සඳහා පෞද්ගලික දාන පරිත්‍යාගීන් අධාර ලබා දෙන ලදී.
සමෘද්ධි ව්‍යවසායකයකුවන කුරුවිකුලම ග්‍රාම නිලධාරී වසමේ සුසිලා මහත්මිය විසින් මුඛ ආවරණ නිෂ්පාදනය කර කාර්යාල කාර්ය මණ්ඩලයට සහ ප්‍රතිලාභීන්ට ලබා දෙන ලදී.
Panduwasnuwara East Divisional Secretariat
Mawathagama Divisional Secretariat
Mallawapitiya Divisional Secretariat
New Updated Programmes
කොට්ඨාශයේ සිටින දිළිදු පවුල් හදුනාගෙන එය මූලිකවම වර්ගීකරණය කරමින් අන්ත දිළිදු මට්ටමේ සිටින පවුල් සදහා කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් වියලි ආහාරමළු ලබාදෙමින් පවතී.
රෝහල් වෛද්‍ය සායන මගින් ඖෂධ ලබා ගන්නා රෝගීන්ගේ ඹෟෂධ අදාල වසමේ ආර්ථික සංවර්ධන නිලධාරි මගින් රෝගින්ගේ නිවසටම ලබා දීමට කටයුතු කර ඇත.
රජයෙන් ලබාදෙන සහනාධාර අදාළ පුද්ගලයා වෙතම ලබාදීමේ ක්‍රමවේද සකස්කර ඇත. ග්‍රාම නිලධාරී මගින් ප්‍රතිලාභියා අතටම පහත සඳහන් දීමනා ලබා දීම සිදු කරනු ලබයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසිදීමනා
මහජනාධාර දීමනා
ආබාධිත දීමනා
වකුගඩු දිමනා
ක්ෂය රෝග දීමනා
සමෘද්ධි දීමනා
රෝහල් වෛද්‍ය සායන මගින් ඖෂධ ලබා ගන්නා රෝගීන්ගේ ඹෟෂධ අදාල වසමේ ආර්ථික සංවර්ධන නිලධාරි මගින් රෝගින්ගේ නිවසටම ලබා දීමට කටයුතු කර ඇත.
කොස්‍ගොල්ල ආයුර්වේද මධ්‍යස්ථානයේ වෛද්‍යතුමන් ඇතුළු පිරිස විසින් මල්ලවපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රය ඖෂධීය දුම් අල්ලා විෂබීජහරණය කරන ලදී.
Event Photo Gallery
රජයෙන් ලබාදෙන ජ්‍යෙෂ්ඨ පුරවැසිදීමනා, මහජනාධාර දීමනා, ආබාධිත දීමනා, වකුගඩු දිමනා, ක්ෂය රෝග දීමනා සහ සමෘද්ධි දීමනා සහනාධාර අදාළ පුද්ගලයා වෙතම ලබාදීම
![]() |
![]() |
![]() |
Maho Divisional Secretariat
කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය නිසා පිඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ගෙන ඇති ක්‍රියාමාර්ග
තාඹරේ වසමේ මුස්ලිම් ප්‍රජාවගේ දායකත්වයෙන් පවුල් 150කට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම.
මහව ෆේස්බුක් මිතුරෝ සංසදය මඟින් පවුල් 65කට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම ග්‍රාම නිලධාරී මගින්.
147 කුඹුක්වැව වසමේ පවුල් 150කය වියළි ආහාර ලබාදිම සඳහා ග්‍රාම නිලධාරි හට පරිත්‍යාග ලබා දීම.
වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යාංශයේ විධායක අධ්‍යක්ෂ නීලකාන්ත මහතාගේ පෞද්ගලික ධනපරිත්‍යාතගශීලිත්වයෙන් හා ප්‍රදේශීය ලේකම් කාර්යාලය එක්ව අඩු ආදායම් පවුල් 100කට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදිම.
අඩු ආදායම්ලාභින්ගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරිම සඳහා ප්‍රදේශීය සභාව එක්ව 545 දෙනෙකුට වියළි ආහාර ලබා දීමට සැලසුම් සිදු කෙරෙමින් සිටී.
151 කැකුණාව වසමේ නිලධාරින් හා පෞද්ගලික ධනපරිත්‍යාතගශීලින් හා එක්ව වියළි ආහාර මලු 50ක් ලබා දීම.
මහව පොලිසිය වෙළඳ ප්‍රජාව හා එක්ව අඩු ආදායම් පවුල් 150කට වියළි ආහාර මළු ලබාදිම.
වසම්භාර ආර්ථික සංවර්ධන නිලධාරින් සම්බන්ධ කරගනිමින් අත්‍යවශ්‍ය ඖෂධ නිවෙස් වෙත ලබා දීම මේ වනවිට සිදුවෙමින් පවති.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම වෙළදුන් හරහා ජනතාව වෙත ලබාදීමට කටයුතු කිරිම.
ක්ෂේත්‍ර නිලධාරින් හා උපාධිධාරි අභ්‍යාසලාභින් වසම් වෙත අනුයුක්ත කරමින් ප්‍රජාවගේ අවශ්‍යතා හදුනාගෙන අධීක්ෂණය හා පසු විපරම් මගින් නිවැරදි ක්‍රියාමර්ග ගැනීමට කටයුතු කිරිම.
දිනපතා රැස්වන ප්‍රාදේශීය කොරෝනා මෙහෙයුම් කමිටුව හරහා ගන්නා තීරණ ජනතාවගේ යහපත උදෙසා ක්‍රියාත්මක කිරිමට සැලැසුම් කිරිම.
රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ආයතන තුළ විෂබිජානුහරණය කිරිම.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම.
නිවැරදි ක්‍රමයට අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය අලවි කිරිම පිළිබඳව ජංගම වෙළදුන් දැනුම්වත් කිරීම.
ජනතාවට බෙදාහැරීම සඳහා ආයුර්වේද ඖෂධ පරිත්‍යාග භාර ගැනීම.
මහව ශක්ති සංවිධානය සමඟ එක්ව මහව දිසා රෝහලට විෂබීජාණුහරණ කුටියක් පරිත්‍යාග කිරීම.
මහව පොලීසිය හා එක්ව ඇඳිරිනීතිය ඉවත් කළ පසු මහව නගරය තුළ ආරක්ෂිත වැඩපිළිවෙලක් සකස් කිරීමට උත්සහ ගැනීම.
මහව ලයන් ක්ලබ් සාමාජිකයන් හා එක්ව මහව දිසා රෝහලට ආරක්රෂිත ඇදුම් කට්ටල ලබා දීම.
මහව පොලීසිය හා එක්ව ජනතාව දැණුම්වත් කිරීම.
කරඹෙ ග්‍රාමනිලධාරී වසමේ 2020.04.10 දින සිදුවූ හදිසි මරණය පිළිබඳව සොයා බැලූ අවස්ථාව.
ජනතාවට පහසුකම් සැලසීම සඳහා කටයුතු සූදානම් කිරීම.
ඇදිරිනීතිය ඉවත් කළ පසු ගම්මානවල ජනතාවට පහසුකම් සැලසීම සඳහා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය සපයාදීම.
නිරන්තරව ග්‍රාමනිලධාරීන් දැණුම්වත් කරමින් ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කිරීම.
විශ්‍රාම වැටුප්, විශේෂ වෛද්‍යාධාර, වකුගඩු ආධාර, මාසික දීමනා විනිවිදභාවයෙන් යුතුව ජනතාවට ලබා දීම.
ඉදිරියට ගෙන ඇති ක්‍රියාමාර්ග
රාජකාරි කටයුතුවල නිරත නිලධාරීන් ඛාණ්ඩවලට වෙන්වකොට අත්‍යවශ්‍ය කටයුතු කඩිනමින් ඉටුකර ගැනීමට යාන්ත්‍රනයක් සකස් කිරීම.
මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සම්බන්ධීකරණය හා පසුවිපරම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන් ග්‍රාමනිලධාරී වසම්වලට අනුයුක්ත කිරිම තුළින් තොරතුරු යාවත්කාලින කරගැනීම.
පරිත්‍යාගශීලින්ගෙන් ලැබෙන ද්‍රව්‍ය ආධාර නිවැරදිව කළමනාකරණයකර අසරණ ජනතාව රැක බලා ගනිමින් ඹවුන්ගේ ජන ජීවිතය යථාතත්වයට පත්කරදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
රෝග ව්‍යාප්තිය පාලනය සඳහා නිර්මාණාත්මක දැන්වීම් ප්‍රචාරණය ක්‍රියාමර්ග මගින් හා ශබ්ද විකාශන මගින් ජනතාව දැනුම්වත් කිරිම.
මහව නගරය තුළ ක්‍රියාත්මක මාර්ග සැලැස්ම තුළින් වාහන ඇතුළුවීම හා පිටවීම පාලනය කර නගරය ජනාකීර්ණ නොකිරීමට කටයුතු කිරිම.
ආර්ථික මධ්‍යස්ථාන වෙතින් ගෙන්වනු ලබන එළවළු පළතුරු හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවැරදි ක්‍රමවේදයකට අනුව ලියාපදිංචි ජංගම වෙළඳුන් හරහා ජනතාවට ලැබීමට සැලැස්වීම. ඒ තුළින් ගොවියාටත්ගා පාරිභෝගිකයාටත් සාධාරණයක් ඉටුකිරීමට උත්සහ ගැනීම.
Event Photo Gallery
වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යාංශයේ විධායක අධ්‍යක්ෂ නීලකාන්ත මහතාගේ පෞද්ගලික ධනපරිත්‍යාතගශීලිත්වයෙන් අඩු ආදායම් පවුල් 100කට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදිම
![]() |
දිනපතා රැස්වන ප්‍රාදේශීය කොරෝනා මෙහෙයුම් කමිටුව හරහා ගන්නා තීරණ ජනතාවගේ යහපත උදෙසා ක්‍රියාත්මක කිරිමට සැලැසුම් කිරිම
![]() |
![]() |
![]() |
Kuliyapitiya East Divisional Secretariat
New Updated Programmes
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් මත අනුමත ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් කුලියාපිටිය නැගෙනහිර ජල හිඟයෙන් පීඩිත ජනතාවට අඛන්ඩව පානීය ජලය සපයන ප්‍රා.ලේ. කාර්‍යාලීය ආපදා කළමනාකරණ ඒකකය.
කුලියාපිටිය නැගෙනහිර ප්‍රා.ලේ. කොට්ඨාශයේ අත්‍යවශ්‍ය මහජන අවශ්‍යතා පවත්වාගෙන යාම, භාණ්ඩ හා ඖෂධ ප්‍රවාහනයේදී ඇතිවන ගැටළු හා අර්බුධකාරී තත්වයන් විසඳා ගැනීම සහ ඇඳිරිනීති තත්වයන් තුල සියලු රාජ්‍ය ආයතන හා පොලිසිය සම්බන්ධීකරණය කිරීම සඳහා කාර්ය සාධන කමිටු ස්ථාපිත කිරීම. ප්‍රාදේශීය ලේකම්තුමිය සහකාර පොලිස් අධිකාරි කුලියාපිටිය , නාරම්මල , කටුපොත පොලිස් ස්ථානාධිපතවරුන් ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, පරිපාලන ග්‍රාම නිලධාරීතුමා, ග්‍රාම නිලධාරීන් හා වි.සේ.ස. සමුපකාර සමිති සභාපති, සහභාගීත්වයෙන් ප්‍රා.ලේ. කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්විණි.
ග්‍රාම නිලධාරී භූමිකාවට තාත්ත්විකව පන පොවමින් තම වසමේ ජනතාවගේ අවශ්‍යතා නිසි ලෙස වටහා ගත් තවත් එක් ග්‍රාම නිලධාරී කෙනෙකු තම සහන යාත්‍රාව දියත් කිරීම.
විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයින්ට රජයේ වැඩ පිලිවෙළ අනුව කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නොමිලේ තම ගම් බිම් වල සිට යුධ හමුදා ආරක්ෂාව සහිතව බස් රථ යොදා බැංකු වෙතට ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබා දෙන ලදී. මෙහිදී තම නිවාස පිහිටි ගම් වල සිට නාරම්මල සියලුම බැංකු වෙත නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදුන් අතර ඔ්‍යෂධ ලබා ගැනීමට පාමසි සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට සතොස ආයතනය වෙතද පහසුකම් සැලසු අතර නැවත තම නිවාස බලා ආරක්ෂාකාරීව ප්‍රවාහනය කරන ලදි.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ජනතා සහන වැඩසටහන යටතේ අබහේන්වැව වසමේ නිලධාරීන්, ප්‍රදේශයේ දානපතියන්ගේ සහයෝගය ඇතිව ආහාර මලු බෙදා හැරීම.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ජනතා සහන වැඩසටහන යටතේ බෝගහපිටිය වසමේ ජංගම රථ මගින් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ජනතා සහන වැඩසටහන යටතේ පහල මුරුතැන්ගේ වසමේ ජංගම රථ මගින් එළවළු හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ජනතා සහන වැඩසටහන යටතේ බිහල්පොල වසමේ අඩු ආදායම්ලාභීන්ට සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් බඩුමලු බෙදාදීම සහ ජලය බෙදාහැරීම.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ජනතා සහන වැඩසටහන යටතේ ගණන්වගමුව වසමේ ප්‍රතිලාභීන්ට ජංගම රථ මගින් භාණ්ඩ බෙදාදීම.
Event Photo Gallery
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් මත අනුමත ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් කුලියාපිටිය නැගෙනහිර ජල හිඟයෙන් පීඩිත ජනතාවට අඛන්ඩව පානීය ජලය සපයන ප්‍රා.ලේ. කාර්‍යාලීය ආපදා කළමනාකරණ ඒකකය
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප්‍රාදේශීය ලේකම්තුමිය සහකාර පොලිස් අධිකාරි කුලියාපිටිය , නාරම්මල , කටුපොත පොලිස් ස්ථානාධිපතවරුන් ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, පරිපාලන ග්‍රාම නිලධාරීතුමා, ග්‍රාම නිලධාරීන් හා වි.සේ.ස. සමුපකාර සමිති සභාපති, සහභාගීත්වයෙන් ප්‍රා.ලේ. කාර්යාලයේ පැවති සාකච්ඡාව
![]() |
![]() |
![]() |
![]() |
ග්‍රාම නිලධාරී භූමිකාවට තාත්ත්විකව පන පොවමින් තම වසමේ ජනතාවගේ අවශ්‍යතා නිසි ලෙස වටහා ගත් තවත් එක් ග්‍රාම නිලධාරී කෙනෙකු තම සහන යාත්‍රාව දියත් කිරීම, 1133 - මොල්ලිගොඩ වසම
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයින්ට රජයේ වැඩ පිලිවෙළ අනුව කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නොමිලේ තම ගම් බිම් වල සිට යුධ හමුදා ආරක්ෂාව සහිතව බස් රථ යොදා බැංකු වෙතට ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබා දීම
![]() |
![]() |
![]() |
![]() |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ජනතා සහන වැඩසටහන යටතේ අබහේන්වැව වසමේ නිලධාරීන්, ප්‍රදේශයේ දානපතියන්ගේ සහයෝගය ඇතිව ආහාර මලු බෙදා හැරීම
![]() |
![]() |
![]() |
![]() |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ජනතා සහන වැඩසටහන යටතේ බෝගහපිටිය වසමේ ජංගම රථ මගින් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම
![]() |
![]() |
![]() |
![]() |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ජනතා සහන වැඩසටහන යටතේ පහල මුරුතැන්ගේ වසමේ ජංගම රථ මගින් එළවළු හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම
![]() |
![]() |
![]() |
![]() |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ජනතා සහන වැඩසටහන යටතේ බිහල්පොල වසමේ අඩු ආදායම්ලාභීන්ට සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් බඩුමලු බෙදාදීම සහ ජලය බෙදාහැරීම
![]() |
![]() |
Kuliyapitiya West Divisional Secretariat
New Updated Programmes
වෙරළුගම ග්‍රාම නිලධාරී වසම තුල ව්‍යාපාරික මහතුන් සමග ආහාර මළු බෙදාදීමේ වැඩසටහන.
කුලියාපිටිය සමූපාකාර සමිතිය හා ඒකාබද්ධව ජංගම වෙළද රථ ක්‍රියාත්මක කිරීම.
වියළි ආහාර සලාක බෙදාදීමේ වැඩසටහන.
කුලියාපිටිය සමූපාකාර සමිතිය, කුලියාපිටිය පොලීසිය හා ඒකාබද්ධව එළවළු බෙදාහැරීම.
කුලියාපිටිය ප්‍රාදේශීය සභාව හා ඒකාබද්ධව ආහාරමළු බෙදා හැරීම.