කොරෝනා වෛරසය යනු කුමක්ද?

    කොරෝනො වෛරසය සතුන් සහ මිනිසුන් අතර දක්නට ලැබෙන වෛරස කාණ්ඩයකි. එය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු රෝගාබාධ දක්වා පුළුල් පරාසයක රෝග අප තුළ ඇතිකල හැකි විශාල වෛරස් පවුලකට අයත්වේ. උදාහරණ ලෙස MERS සහ SARS රෝග දැක්විය හැකිය. කොවිඩ්-19 නැමැති නව කොරෝනා වෛරසය 2019 දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් පළමු වරට වාර්තාවූ අතර, මෙම වෛරසසය 2019-nCoV ලෙස හඳුන්වනු ලබයි. නව කොරෝනො වෛරසය (2019-nCoV) හා සාර්ස් වෛරසය ( SARS CoV-2) එකම වෛරස් පවුල ට අයත් නමුත් එම වෛරසයම නොවේ. 25
     
     
       
    නව කොරෝනා වෛරසය එනම් 2019-nCoV මෙයට පෙර මිනිසුන් තුළ හඳුනාගෙන නොමැති වෛරසයකි.  
       

   මෙය භයානක වෛරසයක්ද?  

  අනෙකුත් ශ්වසන රෝග මෙන්ම, නව කොරෝනා වෛරසය ආසාදනය මඟින් සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, කැස්ස සහ උණ වැනි සුළු රෝග ලක්ෂණ ඇති කරයි. ඇතැම් පුද්ගලයන්හට නියුමෝනියාව හෝ හුස්ම ගැනීමේ අපහසුතා වැනි දරුණු රෝග තත්ත්ව ඇතිවිය හැක. කලාතුරකින් මෙම රෝගය මාරාන්තික විය හැක. වයස්ගත පුද්ගලයන් සහ වෙනත් රෝග තත්වයකින් පෙළෙන පුද්ගලයින් (දියවැඩියාව සහ හෘද රෝග වැනි) මෙම වෛරසය ආසාදනය වීමෙන් තදබල ලෙස රෝගාතුර වීමට වැඩි අවදානමක් ඇත.
   
   

   සුරතලයට ඇති කරන සතුන්ගෙන් ආසාදනය ඇතිවිය හැකිද? 

  දැනට පුසන්, බල්ලන් වැනි සුරතලයට ඇති කරන සතුන් ආසාදනය වී එම සතුන්ගෙන් වෛරසය මිනිසුන්ට පැතිරෙන බවට කිසිදු සාක්ෂියක් මේ වන තෙක් සොයා ගෙන නොමැත.

   කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරෙන ක්‍රම 

  ආසාදිත පුද්ගලයින් කහින විට සහ කිවිසුම් යවන විට පිටවන බිඳිති මගින්.
  ආසාදිත පුද්ගලයින්ගෙන් පිටවන ශ්වසන ස්‍රාවයන් හෝ එවා තැවරුණු මතුපිට පෘෂ්ඨයන් හෝ උපකරණ මඟින්.
  මෙම වෛරසය වායුගෝලය ඔස්සේ පැතිරිය හැකි බවට සාක්ෂි මෙතෙක් සොයාගෙන නොමැත. එහෙත් වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන්හීදි (උදා - Resusitation, Intubation) මෙවන් තත්වයක් ඇතිවිය හැකි බැවින් එවන් අවස්ථාවල අදාළ ආරක්ෂක පියවර අනුගමනය කළ යුතුය.
   

   මෙම වෛරසයෙන් ඔබ ආරක්ෂා වන්නේ කෙසේද?

  රෝගය පිළිබඳව දැනුවත් වන්න. මෙම වෛරසය පිළිබඳව කාලීන තොරතුරු ලබාගැනීමට වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියට පිවිසෙන්න. (www.epid.gov.lk).
එමෙන්ම පහත සඳහන් වෙබ් අඩවි මගින් ද ඔබට මෙම වෛරසය සම්බන්ධව අවශ්‍ය යාවත්කාලීන තොරතුරු ලබා ගත හැක.
   
        ලෝක සෞඛ්‍ය සංවිධානය
        වසංගත රෝග විද්‍යා අංශය - සෞඛ්‍ය අමාත්‍යාංශය
        නිරෝධායන ඒකකය - සෞඛ්‍ය අමාත්‍යාංශය
        රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය
        රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

   ඔබ මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න: 

  ඔබගේ දෑත් නිතර සබන් යොදා හෝ මධ්‍යසාර අඩංගු අත්සේදුම් දියරයකින් සෝදා ගන්න.
        එසේ කල යුත්තේ ඇයි?
            සබන් යොදා හෝ මධ්‍යසාර අඩංගු අත්සේදුම් දියරයකින් අත් සේදීමෙන් ඔබගේ අතෙහි තැවරී ඇති වෛරසය විනාශ වේ.
           
  කැස්ස, කිවිසුම් යෑම හෝ උණෙන් පෙලෙන පුද්ගලයන් හෝ ඔබ අතර අවම වශයෙන් මීටරයක (අඩි තුනක) පරිතරයක් තබා ගන්න.
        එසේ කල යුත්තේ ඇයි?
            මෙම වෛරසය අසාදනය වූ පුද්ගලයෙක් කහින විටදී හෝ කිවිසුම් යවන විටදී වෛරසය අඩංගු බිඳිති පිටවේ. ඔබ එම පුද්ගලයාට ඉතා සමීප ලෙස සිටී නම්, ඔබ ආශ්වාසයේදී මෙම වෛරසය ඔබට ඇතුළු විය හැක.
           
  ඔබෙගේ ඇස්, නාසය හා මුඛය ඇල්ලීමෙන් වළකින්න.
        එසේ කල යුත්තේ ඇයි?
            ඔබගේ දෙඅත් වෛරසය මගින් අපවිත්‍ර වූ පෘෂ්ටයන් ස්පර්ශ කිරීමට ඉඩ ඇත. එලෙස අපවිත්‍ර වූ අත්වලින් ඔබගේ ඇස්, ණාසය හා මුඛය ස්පර්ශ කිරීමෙන් එම පෘෂ්ටවල සිට වෛසරය ඔබට සම්ප්‍රේෂණය විය හැක.
           
  ඔබට උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඔබ නව කොරෝනා වෛරසය වාර්තා වි ඇති චීනයේ සංචාරය කර ඇත්නම් හෝ ඔබ චීනයේ සංචාරය කර පැමිණි ශ්වසන රෝග ලක්ෂණ ඇති අයකු සමීපව ආශ්‍රය කලේ නම්, ඔබේ වෛද්‍යවරයාට ඒ බව දැනුම් දෙන්න.
   
        එසේ කල යුත්තේ ඇයි?
            ඔබට උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වදගත් වේ. මෙය ශ්වසන ආසාදනයක් හෝ වෙනත් බරපතල රෝගී තත්වයක් නිසා විය හැක. උණ සමග ඇතිවන ශ්වසන රෝග ලක්ෂණ විවිධ හේතු නිසා ඇති විය හැකි අතර, ඔබ නව කොරෝනා වෛරස ආසාදන වාර්තා වී ඇති ප්‍රදේශවල සංචාරය කර ඇත්නම් හෝ එම ප්‍රදේශවලට සංචාරය කිරීමෙන් පසු ශ්වසන රෝග ලක්ෂණ ඇතිවු පුද්ගලයෙක් සමීපව ආශ්‍රය කර ඇතිනම්, ඔබේ රෝග ලක්ෂණවලට හේතුව එම වෛරස් ආසාදනය විය හැක.
            ඔබට සුළු ශ්වසන රෝග ලක්ෂණ තිබේ නම් සහ චීනය තුල සංචාරය කර නෙමැති නම්, සනීපාරක්ෂක පිළිවෙත් හොඳින් පිළිපදින්න. සුවය ලබන තෙක් නිවසේ රැඳී සිටිම වඩාත් උචිතවේ.

   මෙම වෛරසයෙන් ආරක්ෂවීමට මුඛ ආවරණ පැළඳිය යුතුද?

  මුඛ අවාරණයක් පැළඳීමෙන් ඇතැම් ශ්වසන රෝග පැතිරීම සීමා කළ හැකිය. එසේ වුවද, මුඛ ආවරණයක් භාවිතා කිරීමෙන් පමණක් ආසාදනයන් වළක්වා ගත නොහැක. මුඛ ආවරණයක් පැළඳීම ඇතුළු අනෙකුත් රෝග නිවාරණ ක්‍රමවේදයන් (සනීපාරක්ෂක පිළිවෙත් සහ ආසාදිත රෝගීන් සමඟ සමීප ආශ්‍රයන් වළක්වා ගැනීම - අවම වශයෙන් මීටරයක/අඩි තුනක පරතරයක් තබා ගන්න) එක්ව පිළිපැදීමෙන් ආසාදනය අමව කර ගත හැක.
   
        ඔබ මුඛ ආවරණයක් පැළදිය යුතු වන්නේ;
            ඔබට ස්වසන රෝග ලක්ෂණ (කැස්ස හෝ කිවිසුම්) ඇත්නම් හෝ
            නව කොරෝනා වෛරසය ආසාදනය ඇති බවට සැක කරන්නේ නම් හෝ
            නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන අයෙකු රැක බලා ගන්නේ නම් පමණි.
           
  නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරනු ලබන්නේ, චීනයේ මෙම වෛරසය වාර්තා වී ඇති ප්‍රදේශයක සංචාරය කළ හෝ චීනය සංචාරය කිරීමෙන් පසු ශ්වසන රෝග ලක්ෂණ ඇති වූ අයෙකු සමග සමීපව ඇසුරු කළ පුද්ගලයෙකුය.
   

   නිවැරදිව මුඛ ආවරණයක් පැළඳීම හා බැහැර කිරීම? 

  මුඛ ආවරණයක් පැළඳීමට පෙර, සබන් යොදා හෝ මධ්‍යසාර අඩංගු දියරයකින් දෑත් සොදා ගන්න,
  මුඛය හා නාසය ආවරණය වන පරිදි මුඛ ආවරණය පළඳින්න. මෙහිදී ඔබේ මුහුණ සහ මුඛ ආවරණය අතර හිදැසක් නොතිබිය යුතුය.
  මුඛ ආවරණය පැළඳ සිටින විට එය ස්පර්ශ කිරීමෙන් වළකින්න, ඔබ මුඛ ආවරණය ස්පර්ශ කළහොත් සබන් යොදා හෝ මධ්‍යසාර අඩංගු දියරයකින් දෑත් සොදා ගන්න.
  එක් වරක් පමණක් භාවිතයට නිර්දේශිත මුඛ ආවරණ (disposable masks) නැවත භාවිතයෙන් වළකින්න.
        මුඛ ආවරණය ඉවත් කිරීමේ දී,
            හිස පිටුපසින් ඇති කොටසින් (රඳවා තබන පටි) අල්ලා ඉවත් කරන්න (මුඛ ආවරණය ඉදිරිපස ස්පර්ශ නොකරන්න),
            පියනක් සහිත බඳුනකට වහාම ඉවත ලන්න,
            සබන් යොදා හෝ මධ්‍යසාර අඩංගු දියරයකින් දෑත් සොදා ගන්න.
   දෑත් පිරිසිදුව තබා ගැනීම:
       
    Covid-19 ඇතුළු බොහෝ රෝග කාරකයන්ගෙන් ඇතිවන ආසාදන වැළැක්වීමට ඇති තනි ක‍්‍රමයක් ලෙස වඩාත්ම ඵලදායි ක‍්‍රමය දෑත් පිරිසිදුව තබාගැනීමයි.
     
    සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දෑත් සෑම කටයුත්තකටම ඇති ප‍්‍රධාන ආයුධයයි. එමෙන්ම රෝගයක් පැතිරෙන අවස්ථාවක ඒවා ඒ සඳහා ප‍්‍රධාන වාහකය වේ.
     
    නිරන්තරයෙන් දෑත් සබන් යොදා ජලයෙන් හොඳින් සෝදන්න. නැතිනම් මධ්‍යසාර අඩංගු විෂබීජ නාශක ද්‍රාවණයක් යොදා පහතින් දක්වා ඇති පරිදි හොඳින් පිරිසිදු කරගන්න. එහිදී අත්ල, අත්ලෙහි මතුපිට, ඇඟිලිකරු, ඇඟිලි තුඩ, මහපටඟිල්ල ආදී සියලූම ස්ථාන පිරිසිදු කළ යුතුය.
     
        a b c
        d e f

    මෙම ක‍්‍රමය අනුගමනය කිරීමෙන් ඔබේ දෑතේ සියලූම පෘෂ්ඨයන් ආවරණය වන සේ පිරිසිදු කරගත හැකි අතර එමගින් ඔබේ දෑතෙහි රැඳී සිටිය හැකි සියලූම විෂබීජ ඉවත් කළ හැකිය.          
            සබන් සහ ජලය
                තත්පර 40ත් 60ත් අතර කාලයක හෝ 
            මධ්‍යසාර අඩංගු විෂබීජනාශක      
                තත්පර 20-30ක් නිවැරදිව අත් සෝදන්න

   මෙම වෛරසය වැළඳිය හැක්කේ කාටද? 

  වෛරසය ව්‍යාප්ත වන ප්‍රෙද්ශයක ජීවත් වන හෝ එවැනි ප්‍රෙද්ශයක සංචාරය කරන පුද්ගලයින් හට මම ආසාදනය ඇති වීම් අවදානමක් ඇත. දැන බහුතරයක් ආසාදිතයින් වාර්තා වන්නේ මෙම වෛරසය පැතිර යන රටක් වන චීනයෙනි. වෙනත් රට වලින් වාර්තා වූ ආසාදිත පුද්ගලයින් මෑතදී චීනයේ සංචාරය කළ එසේත් නැතිනම් එලෙස සංචාරය කළ පුද්ගලයන් සමීපව ඇසුරු කළ පුද්ගලයන්ය.
   
  නව කොරෝනා වෛරසයයෙන් ආසාදිත වූ පුද්ගලයන් රැකබලා ගන්නා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගය වැළඳීමට වැඩි අවදානමක් ඇති අතර ඔවුන් මෙම වෛරසයෙන් ආසාදනය වීම වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.
   

   දරුණු රෝග තත්වයක් ඇතිවීමේ අවධානමක් ඇත්තේ කාටද? 

  නව කොරෝනා වෛරසය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් පවතින අතර, මේ දක්වා වයස්ගත පුද්ගලයින්ට හා වෙනත් රෝග වලින් පෙළෙන පුද්ගලයන්ට (දියවැඩියාව හා හෘද රෝග වැනි) තදබල ලෙස රෝගාතුර වීමේ වැඩි අවධානමක් ඇත.
   

   මෙම වෛරසය පැතිරෙන්නේ කෙසේද? 

  නව කොරෝනා වෛරසය ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරසයකි. මූලික වශයෙන් ආසාදිත පුද්ගලයෙකු කහින විටදී, කිවිසුම් යන විටදී පිටවන බිදිති මගින් හෝ කෙල බිදිති මගින් හෝ නාසයෙන් පිටවන ශ්‍රාවයන් මගින් මෙම වෛරසය අනෙකුත් පුද්ගලයන් හට පැතිරිය හැක.
   
  එම නිසා සෑම පුද්ගලයෙකුම නිසි සනීපාරක්ෂක ක්‍රම අන්ගමනය කිරීම වැදගත්ය.(උදාහරණයක් ලෙස කහින විට හෝ කිවිසුම් යන විට වැලමිටෙන් හෝ ටිෂූ කඩදාසියකින් ඔබගේ මුඛය හා නාසය ආවර‘නය කර ගන්න. එම ටිෂු කඩදාසි පියනක් සහිත බදුනකට ඉවත ලන්න.) එමෙන්ම සබන් යොදා හෝ මධ්‍යසාර අඩංගු දියරයකින් නිතරම දෑත් සෝදා ගන්න.
   

   බාහිර පෘෂ්ටයන් මත මෙම වෛරසය කොපමණ කාලයක් නොනැසී පැවතිය හැකිද? 

  කොරෝනා වෛරසය කොපමණ කාලයක් බාහිර පෘෂ්ටයන් මත නොනැසී පවතී දැයි නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර දැනට ඇති තොරතුරු අනුව පැය කීපයක් එලෙස නොනැසී පැවතිය හැක. සරල විෂබීජ නාශක භාවිතා කිරීම මගින් මෙම වෛරසය විනාශ වන අතර තවදුරටත් මිනිසුන්ට ආසාදනය වීම වළක්වා ගත හැක.
   

   කොරෝනා වෛරසය වෙනත් ශ්වසන ආසාදන වලින් වෙනස් වන්නේ කෙසේද?

  කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ට උණ, කැස්ස සහ නාසයෙන් දියර ගැලීම වැනි රෝග ලක්ෂණ ඇති වේ.මෙවැනි රෝග ලක්ෂණ වෙනත් වෛරස මගින් ඇතිවන ශ්වසන ඇසාදන වලදී ද දැකිය හැක. රෝග ලක්ෂණ වල ඇති සමානකම් නිසා රෝග ලක්ෂණ මත පමණක් රෝගය හඳුනා ගැනිම දුෂ්කර විය හැකිය. එබැවින් යමෙකුට මෙම කොරෝනා වෛරසය වැලදී තිබේ දැයි තහවුරු කිරීමට රසායනා ගාර පරීක්ෂණ අවශ්‍ය වේ.කැස්ස, උණ හා ශ්වසන අපහසුතා ඇති පුද්ගලයින් ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වේ.
   
   

   වෛරසය ශරීරයට ඇතුළු වීමෙන් පසු රෝග ලක්ෂණ මතුවීමට ගතවන කාලය ( බීජෞෂණ සමය) කොපමණද? 

  දැනට පවතින තොරතුරු වලට අනුව මෙම කාලය දින 14ක් දක්වා විය හැක. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ ආසාදනය තහවුරු කරන රෝගීන් ඇසුරු කළ පුද්ගලයින් දින 14 ක කාලයක් දක්වා පසු විපරම් කළ යුතු බවයි.

   නව කෙරෝනා වෛරසය කිසිම රෝග ලක්ෂනයක් නොපෙන්වා පුද්ගලයෙකුගෙන් පැතිරිය හැකිද? 

  සැලකිය යුතු ලක්ෂණ පෙන්වීමට පෙර නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය පැතිරීමට අවකාශ ඇත. කෙසේ වෙතත් දැනට පවතින තොරතුරු අනුව රෝගය ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් මගිනි..
   

   චීනයෙන් හෝ වෛරසය හඳුනාගත් වෙනත් ස්ථානයකින් පාර්සලයක් ලැබීම ආරක්ෂිතද? 

  ඔව්. එය ආරක්ෂිතයි. පාර්සලය ලැබෙන පුද්ගලයන් නව කොරෝනා වෛරසයෙන් ආසාදනය වීමට අවදානමක් නැත. වෙනත් කොරෝනා වෛරස පිළිබඳ ඇති දැනුම අනුව මෙවැනි වෛරස් ලියුම් හෝ පාර්සල් වල දිගු කාලයක් සජීවීව පැවතීමට හැකියාවක් නොමැත.
   

   නව කොරෝනා වෛරසය ආසාදනය වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරීමට ප්‍රතිජීවක ඖෂධ භාවිතා කළ හැකිද? 

  ප්‍රතිජීවක ඖෂධ මගින් සුව කළ හැක්කේ බැක්ටීරියා වලින් ඇති කරන ආසාදන පමණි. එමගින් නව කොරෝනා වෛරස වැනි වෛරස ආසාදන සුව කල නොහැක.

   නව කොරෝනා වෛරසයෙන් ආසාදනය වීම වැළැක් වීමට හෝ ඊට ප්‍රතිකාර ලෙස නිශ්චිත ඖෂධ තිබේද? 

  මේ දක්වා කොරෝනා වෛරස් ආසාදනය වැළැක් වීමට හෝ ප්‍රතිකාර කිරීමට නිශ්චිත ඖෂධයක් නිර්දේශ කර නොමැත. කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය ආසාදිතවූවන්ට රෝග ලක්ෂණ සමනය කිරීමට සුදුසු ප්‍රතිකාර ලබා දිය යුතු අතර වඩාත් දරුණු ලෙස රෝගිතුර වූ අයට ප්‍රශස්ත උපකාරක සත්කාර ලබා දිය යුතුය.
   
  නව කොරෝනා වෛරස ආසාදනයෙන් ආරක්ෂා වීමට ඔබ දෑත් සහ ශ්වසන සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කල යුතු අතර හැකි සෑම විටම කැස්ස හා කිවිසුම් යෑම වැනි ශ්වසන රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඕනෑම අයෙකු සමඟ සමීප සම්බන්ඳතා පැවැත්වීමෙන් වැළකිය යුතුය.
   
  විටමින් සී පෙති ගැනීම, මුඛ ආවරණ කිහිපයක් පැලදීම හා ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා ගැනීම නව කොරෝනා වෛරසයෙන් වැලකීම සඳහා නිර්දේශ කරනු නොලැබේ. මෙම පිළිවෙත් ඔබව වෛරසයෙන් ආරක්ෂා නොකරන අතර ඔබට හානිදායක ද විය හැක.
   
  කෙසේ වෙතත් ඔබට උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇත්නම් වඩාත් දරුණු ආසාදනයක් ඇතිවීමේ අවධානම අවම කර ගැනීම සඳහා කල්තියා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මෑත කාලීනව ඔබ සංචාරය කල ප්‍රදේශ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරන්න.
   

   නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයින් කීදෙනෙකුට පැතිර යා (සම්ප්රේනෂණය විය හැකි) හැකිද? 

  මෙලෙස රෝගය පැතිරිය හැකි පුද්ගලයන් සංඛ්‍යාව RO (R naught) නම් දර්ශකයක් මගින් ඉදිරිපත් කරනු ලැබේ. එමගින් ආසාදිත කාල පරිච්ඡේදය තුළ සාමාන්‍යෙයන් එක් රෝගියෙකුගෙන් රෝගය ආසාදනය කළ හැකි, කලින් ආසාදනය නොවුණු පුද්ගලයන් ගණන දැක්වේ. ආසාදන කිහිපයක RO අගයන් පහත සඳහන් වේ.
   
          MERS - CoV -     ඉබොලා - 1.5-2     SARS - 4     HIV - 4     සරම්ප - 12-18
  නව කොරෝනා වෛරසය සඳහා ඇස්තමේන්තුගත මෙම අගය, 30/01/2020 වන විට 1.4- 2.5 වේ. (නව දත්ත ලැබීමත් සමග මෙම අගය වෙනස් වීමට ඉඩ ඇත)

   ඔබ අධි අවධානම් රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ දැනට දින 14 ක් ගත වී ඇත. ඔබ කළ යුත්තේ කුමක්ද?  

  ඔබට රෝගලක්ෂණ නොමැති නම් ඔබ විශේෂයෙන් කිසිවක් කිරීමට අවශ්‍ය නැත. දින 14 කට පසු පෙර සඳහන් කළ රෝග ලක්ෂණ ඇතිවූයේ නම් එය නව කොරෝනා වෛරසය නිසා ඇති වූ යැයි සිතිය නොහැක. නමුත් ඔබට දින 14 ක් තුළ රෝග ලක්ෂණ ඇති වූයේ නම් කරුණාකර වහාම අදාළ රජයේ නිලධාරියකු වෙත යොමු වන්න.
   

   මෙම රෝගය කොතරම් මාරාන්තිකද?  

  මාරාන්තික බව මනිනු ලබන්නේ සිද්ධි මරණ අනුපාතය (Case fatality rate) නමින් හැඳින්වෙන දර්ශකයක් මගිනි. එය ප්‍රතිශතයක් ලෙස ඉදිරිපත් කෙරේ. ආසාදිත පුද්ගලයින් 100 දෙනෙකුගෙන් කීදෙනෙක් මරණයට පත්විය හැකි දැයි එමගින් අදහස් කෙරේ. 2002 – 2003 වසර වලදී ඇති වූ SARS වසංගතයේ දී මෙම අගය 9.6% ක් ද 2012 දී ඇති වූ MERS කොරෝනා වසංගතයේ දී 34.4% ක් ද විය. නව කොරෝනා ආසාදනය සඳහා හය 2% ක් පමණ වන බව ගණන් බලා ඇත.
   

   නව කොරෝනා වෛරසය සදහා එන්නතක් තිබේද?  

  අද දක්වා නව කොරෝනා වෛරසය සඳහා කිසිඳු එන්නතක් සොයාගෙන නොමැත.